Monday, June 22, 2020

ලග්නය සදහා මැණික් තෝරා ගන්නා ක්‍රම.

මැණික් ගැන කතාකරනවා නම් හෙලයන් තරම් වෙන සුදුස්සන් නැති බවත් මැණික් හා විවිධ ලෝහ සහ වර්ණ යොදාගෙන යම් යම් සිදුවීම් වලට බලපෑමක් සිදු කල හැකි ක්‍රමවේදයක් තිබූ බවත් පුරාණ අප ශිෂ්ඨාචාරය සාක්ෂි දරයි. එකල ප්‍රභූන් භාවිතා කල ඔටුණු, ආයුධ,ආභරණ ජීවමාන සාදක ලෙස වර්ථමානයේ පවා මනාව දක්නට ලැබෙයි.මැණික් පුටුවකට යුද්ධ කරීිමට හා බුදුන් පැමිණ සමතේකට පත් කරීමට තරම් මැණික් හා බැදුනු ඉතිහාසයකට හිමිකම් කියන අපි ලෝකය දෙස එබී බලුවොතින්, වර්ථමාන යුරෝපයේ බොහොමයක් සංගීතවේදීන් නළු නිලියන්, අරාබි කරයේ ධන කුවේරන්, ඉන්දියාවේ බොහොමයක් නළුනිලියන් දේශපාලකයින්, ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන්නන් විවිධ මැණික් වර්ග විවිධ ආකාර වලින් ශරීරයේ අලංකාර ලෙස පලදින බව නොරහසකි. ඈත අතීතයේ මහා ඇලෙක්සැන්ඩර් රජු පවා තමාට ගැලපෙන මැණිකෙන් තම ඔටුන්න සාදා තම හැකියාව ඔප්නන්වා ගත්බවත් අදටත් බ්‍රිතාන්‍ය රජ පවුල පවා මැණික් පාවිචි කරන බවත් නොරහසකි. ඩයනා කුමරියගේ මුදුවේ ඇති කාක නිල් මැණික් ගල ශ්‍රී ලාංකාවේ හමුවන විශේෂයක් වන අතර එය සිංහලයකුගෙන් ඔවුනට ලැබුණ තෑග්ගකි. සදහන් කිරීමට බොහෝ දේ ඇතත් දැන් අපි අපිට ගැලපෙන මැණික් ගල සොයා ගන්නා ආකාර දිශාවට යොමු වෙමු. මැණික් වලින් සූක්ෂමව වැඩ ගන්නටනම් නිවැරදි මැණික් සොයාගත යුතු අතර සුදුසු මැණික සුදුසු කාරණයට පැලදිය යුතුයි. රෝග නිවාරනය කර ගැනීමේ කාරණා සදහා පවා භාවිතා කල හැකි මැණික් විද්‍යාව නුතනයේ Gem Therapy නමින් වූ විශාල විෂය පථයකි. බොහෝ විට කේන්දර මනාකොට පරීක්ෂා කර පලදින මැණික් වලින් විශාල ජීවන පෙරලියක් දැකිය කැකිවේ. එහිදී සුදුසු ජෝතිෂ්‍ය වේදියකු මුණ ගැසීමද එක්තරා ආකාරයක භාග්‍යකි. සමස්ථයක් ලෙස ලග්න හිමියන්ට සුභ මැණික් වර්ග කිරීම ඉතා අපහසු කාරයකි. වඩා සුදුසු ආකාරය නම් “වෙලා පක්කඩය” බලාගෙනම සුදුසු මැණික පැලදීමයි. ඔබගේ ලග්නයට අනුව සුදුසු මැණික තෝරා ගන්නා ක්‍රමයක් පහතින් සදහන් කරන්නට අප සූදානම් බව සතුටින් ප්‍රකාශ කරමු. වාසනාව අලංකාරය සහ විශ්මිත වෙනස් වීම වටහාගෙන ඔබගේ අදහස් අපට comment කරන්න. මේෂ ලග්නය මෙම ලග්න හිමියන්ගේ ගුරු මහදශාවක් හෝ අතුරු දශාවක් යන කාළවලදී “පුෂ්ප රාග” මැණික හොද වාසනාවක් ගෙන අතර ඔවුනට රැකියාව සම්බන්ධ කාරණා වලදී “නිල් කැට” මැණික මිල මුදල් වාසනාව ගෙන දෙයි.තවද ආත්ම ශක්තිය හීන අයට නායකත්ව ලක්ෂණ, විශ්වාසය,උත්සහය වර්ධනය වීමට “රතු කැට” මැණික හෝ “රතු කොරල්” පාශාණ වලින් මුදු සාදා පැලදීම සුදුසුයි. වෘශභ ලග්නය මෙම ලග්න හිමියන්ට “නිල් කැට” මැණික ඉතා හොද වාසනාවක් ගෙනෙන අතර “දියමන්ති” හෝ ” සුදු නිල්” මැණිකද ස්වකීය අරමුණු සාර්ථක කර ගැනීමට සුදුසුයි. මෙම මැණික් දකුණු අතේ මැදගිල්ලට මුදුවක් සාදා පලදින්න. මිථුන ලග්නය මෙම ලග්න හිමියන්ට අරමුණු සාර්ථක වීමට “සුදු නිල්” මැණිකද වාසනාව වර්ධනය වීමට “නිල් කැට” මැණිකද සුදුසු වන අතර ගුරු මහ දශා හෝ අතුරු දශා යන්නේ නම් “පුෂ්ප රාග” මැණික විවාහ හා රැකියා වාසනාව වඩා වර්ධනය කරයි. විශේෂයෙන් “තෝරමල්ලි පච්ච” හෝ “මරකථ පච්ච” මැණික් කීර්තිය,වාසනාව, බුද්ධිය වර්ධනයට බෙහෙවින් උපකාරී වේ. කටක ලග්නය ඔබට සෙම් රෝග නැතිනම් භය නැතිව “චන්දා කාන්ති” මැණිකක් පලදින්න ආත්ම විශ්වාසය තීක්ෂණ නුවණ සහ කාරණා ඉශ්ඨ වීමේ හැකියාවන් ඉහල යයි. ‘ මුතු” ඇල්ලූ මුදුවක්ද ඊට සමාන ගුණ දෙයි.තවද “රතු කොරල්”,”රතු කැට” සහ ” පුෂ්ප රාග” මැණික්ද යම් පමනක වාසනාවක් ගෙන දීමට හේතු වේ. සිංහ ලග්නය ඔබගේ කීර්තිය වර්ධනය වෙන්න ඔබගේ ආත්ම ශක්තිය වැඩිදියුණු වීමට “පද්මරාග” මැණිකක් වෙදගිල්ලට පලදින්න.තවද වාසනාව වැඩි දියුණු වීමට ” රතු කැට” මැණික පැලදීමත් රැකියා දියුණු වීමට “සුදු නිල්” මැණික හෝ “දියමන්ති” පැලදීමත් යෝග්‍ය බව පරීක්ෂණාත්මකව හෙලි වී ඇත. කන්‍යා ලග්නය “මරකථ පච්ච” හෝ ” තෝරමල්ලි පච්ච” මැණික් මෙම ලග්න හිමියන්ට ජීවන ගමනට ලොකු අත්වැලක් දෙයි. එමෙන්ම ධන සම්පත උදා වීමට පෙර පින ඉස්මතු වීමට “සුදු නිල් ” මැණිකක් හෝ ” දියමන්තියක්” පැලදීම ඉතා සුභයි. තුලා ලග්නය මෙම ලග්න හිමියන්ට “සුදු නිල් මැණික” පැලදීම ජීවන ගමනට මනා රුකුලක් වේ. “මරකථ පච්ච” ගලද වාසනව ගෙන දීමට දායකත්වයක් දක්වයි. තරමක් පාට සුදු නිලක් පැලදුවද, නිල මැණිකක් පැලදුවද වරදක් නැත. වාසනාව සෙයාගෙන එයි. වෘශ්චික ලග්නය මෙම ලග්න හිමියන්ට “චන්දා කාන්ති පාශානය”,”මුතු” වැනි දෑ පැලදීමෙන් වාසනාව උදා වේ.තවද මෙම ලග්න හිමියන්ට “පුෂ්ප රාග” මැණික පැලදීමත් ආර්ථික ලාභ ලැබීමට හා ගේදොර සමගිය වර්ධනයට උපකාරී වේ. ධනු ලග්නය පුෂ්ප රාග මාණික්කය මොවුන්ගේ බුද්ධි වර්දනයට තැන්පත් බව ඇති කිරීමට හා ජීවන ස්ථාවරත්වයට උපකාරී වන අතර සිය කීර්තිය වර්ධනයට හා නිල තල ලබා ගැනීමට පද්ම රාග මැණික පැලදීම සුභයි. මකර ලග්නය මෙම ලග්න හිමියන්ට නිල් මැණිකක් නිතර පැලදීම ජීවන සාර්ථකත්වයට හේතුවක් වන අතර සුදු නිල් මැණිකක් පැලදීම රැකිරක්ෂා දියුණුවට හා බාහිර පාර්ශව හා සම්බන්ධතා වර්ධනයට උපකාරීවේ. කුම්භ ලග්නය මෙම ලග්න හිමියන්ට දේපොල ඉඩකඩම් දියුණුවට සුදු නිල මැණිකක් පැලදීම යෝග්‍ය වේ තවද පුෂ්පරාග මැණිකක් පැලදීමෙන් ධන වාසනාව වර්ධනය වේ. මීන ලග්නය මෙම ලග්න හිමියන්ට පුෂ්පරාග මැණිකක් පැලදීම සීර්ඝ සාර්ථකත්වයකට හේතු වන අතර මොවුන්ගේ ධන වර්දනයට රතු කැට හෝ රතු කොරල් පැලදීම යෝග්‍ය වේ. තවද ආදර සම්බන්ධතා ඇති කර ගැනීමට චන්දා කාන්ති මාණිකය පැලදීමත් සුභයි.